Home » ශ්‍රී ලංකාව සහ කස­ක­ස්තා­නය අතර ආසි­යා­තික රග්බි අව­සන් තර­ගය අද

ශ්‍රී ලංකාව සහ කස­ක­ස්තා­නය අතර ආසි­යා­තික රග්බි අව­සන් තර­ගය අද

by damith
May 4, 2024 1:19 am 0 comment

ෆවුස් මොහො­මඩ්

සත්කා­රක ශ්‍රී ලංකාව සහ කස­ක­ස්තා­නය අතර ආසි­යා­තික රග්බි පළමු කොටසේ ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ගය අද (4) විදුලි ආලෝක ධාරා මැද රාත්‍රී 7.00ට කොළඹ තුරඟ තරග පිටි­යේදී පැවැත්වේ.

පසු­ගි­යදා පැවති අව­සන් පූර්ව වට­යේදී ඉන්දි­යා­වට එරෙ­හිව ලකුණු 45-10ක ජයක් වාර්තා කර­මින් සුහිරූ ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා පිල අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලැබූ අතර, කටාර් රාජ්‍ය­යට එරෙ­හිව ලකුණු 33-31ක තියුණු ජය­කින් පසු අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලැබී­මට එම්. මගෝ­මෙ­ඩොව්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු කස­ක­ස්තාන පිල සමත් විය. 15 සාමා­ජික ලෝක රග්බි ශ්‍රේණි­ගත කිරී­ම්වල 44 වැනි ස්ථානයේ පසු­වන ශ්‍රී ලංකා­වට ලබන වසරේ පැවැ­ත්වෙන ආසි­යා­තික රග්බි ශුර­තා­ව­ලියේ ප්‍රධාන තර­ගා­ව­ලි­යට ඇතු­ළත් වීමට අද තර­ගයේ ජය­ග්‍ර­හ­ණය අති­ශය වැද­ගත් වේ.

මීට වසර 5කට පෙර අව­සන් වරට ආසි­යා­තික රග්බි පළමු කොටසේ තර­ගා­ව­ලි­යට එක්වූ ශ්‍රී ලංකාව අව­සන් පූර්ව වට­යේදී පිලි­පී­නය හමුවේ පරා­ජ­යට පත්වූ අතර, සත්කා­රක චීන තායිපේ පිල පරා­ජය කර­මින් තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.

ආසි­යා­තික රග්බි පළමු කොටසේ තර­ගා­ව­ලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තර­ගය ද අද පස්වරු 4.00ට ඉන්දි­යාව සහ කටාර් රාජ්‍යය අතර පැවැ­ත්වෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT