- තුවාල වූ අයකුට ලක්ෂ 2.5ක්
- ජීවිතයක් මුදලින් තක්සේරු කරන්න බෑ – ක්‍රීඩා ඇමැති කියයි
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ අනතුරෙන් ජීවිතය අහිමි වූ අයෙකුට රුපියල් මිලියනයක මුදලක් හා අනතුරෙන් තුවාල වූ අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ප්රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. සංචාරක අමාත්‍යාංශයේ ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
දිවි අහිමිවූ අයගේ ජීවිතය මුදලින් තක්සේරු කළ නොහැකි බවත්, මේ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළ බවත් ඇමැතිවරයා පැවැසීය. එහි වාර්තාව තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නැති හෙයින් වාර්තාව ලද වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය හමුවේ පැවසීය. “මේ සම්බන්ධයෙන් මා නිහඬව සිටින්නේ නෑ. ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. මොන දේ කරන්නත් පරීක්ෂණ වාර්තාව ලැබිය යුතුයි” ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කොට තිබේ. මේ සම්බන්ධයෙන් ලබාගත් වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කොට මේ පරීක්ෂණ කටයුතු සිදු කරන බව යුද හමුදාව මෙයට දින කිහිපයකට පෙර සඳහන් කළේය.
පසුගියදා දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන අනතුරින් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට පත්වූ අතර, පුද්ගලයන් 21ක් තුවාල ලැබූහ.