Wednesday, April 23, 2025
Home » කොස්තා­පල් යට කර පලා ගිය ටිපර් රථය සමඟ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට

කොස්තා­පල් යට කර පලා ගිය ටිපර් රථය සමඟ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට

by damith
May 4, 2024 1:17 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

වවු­නි­යාව, රම්බෙ­යි­කු­ලම් ප්‍රදේ­ශයේ දී යතු­රු­පැ­දි­ය­කින් ගමන් කර­මින් සිටි පොලිස් නිල­ධා­රි­යෙ­කුව යට­කර ගෙන ගිය ටිපර් රථ­යක් හා එහි රියැ­දු­රුව වවු­නි­යාව පොලි­සියේ රථ වාහන අංශයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (02) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

රාජ­කා­රි­යක් සඳහා මෙම පොලිස් නිල­ධා­රියා යමින් සිටිය දී අධික වේග­යෙන් පැමිණි ටිපර් රථය පොලිස් නිල­ධා­රියා ගමන් කළ යතු­රු­පැ­දියේ පිටු­පස ගැටී­මත් සම­ඟම පොලිස් නිල­ධා­රියා යතු­රු­පැ­දි­යෙන් වීසි වී ගොස් මහ­පා­රට ඇද වැටී ඇත. අන­තු­රෙන් බර­ප­තළ ලෙස තුවාල ලැබූ පොලිස් නිල­ධා­රියා වවු­නි­යාව මහ රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ. වවු­නි­යාව පොලි­සියේ රථ­වා­හන අංශය මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පවත්වා ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT