Home » මාර්ග­යෙන් ඉව­තට පැන්න ලොරිය ගසක ගැටෙයි

මාර්ග­යෙන් ඉව­තට පැන්න ලොරිය ගසක ගැටෙයි

දෙදෙ­නෙක් මරුට අයෙක් දැඩි සත්කාර ඒක­කයේ

by damith
May 4, 2024 1:20 am 0 comment

මාර­විල සමූහ මිහිර විජේ­සේ­කර

නාත්ත­න්ඩිය මාදම්පේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ලොරි රථ­යක් මාර්ග­යෙන් ඉව­තට පැන ගසක ගැටී සිදු වූ අන­තු­ර­කින් පුද්ග­ල­යන් දෙදෙ­නෙක් මිය­ගොස් තවත් අයකු බර­ප­තළ තුවාල ලබා මාර­විල මූලික රෝහ­ලට ඇතු­ළත් කොට ඇති බව මාර­විල පොලි­සියේ රථ­වා­හන අංශය පව­සයි. පෙරේදා (02) පස්ව­රුවේ මෙම අන­තුර සිදුව ඇත.

සිද්ධි­යෙන් මිය­ගොස් ඇත්තේ හලා­වත ජය­බිම ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වයස අවු­රුදු 45ක් වූ මෙහො­මඩ් අරූෂ් සහ අවු­රුදු 33ක් වූ මොහො­මඩ් ෂබීක් නැමති දෙදෙ­නායි.

අන­තු­රෙන් බර­ප­තල ලෙස තුවාල ලැබූ අය මාර­විල මූලික රෝහලේ දැඩි­ස­ත්කා­රක ඒක­කයේ ප්‍රති­කාර ලබයි.

නාත්ත­න්ඩිය ප්‍රදේ­ශයේ සිට පැමිණි තහඩු ප්‍රවා­හ­නය කර­මින් තිබූ ලොරි රථය රියැ­දු­රුට නින්ද­යාම හේතු­වෙන් මාර්ග­යෙන් ඉව­තට ගොස් ගසක ගැටී මෙම අන­තුර සිදුව ඇත. ලොරි රථ­යට බර­ප­තළ හානි සිදුවී තිබේ. මාර­විල පොලි­සියේ රථ­වා­හන අංශය පරී­ක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT