Monday, April 21, 2025
Home » ලිය­කි­ය­විලි නැතිව ගවයන් 5යි හිංසා­කාරී ලෙස එළු­වන් 20යි

ලිය­කි­ය­විලි නැතිව ගවයන් 5යි හිංසා­කාරී ලෙස එළු­වන් 20යි

ප්‍රවා­හ­නය කළ සැක­ක­රු­වන් තුන­කට වැඩ වරදී

by damith
May 4, 2024 1:19 am 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක සශිනි මධු­ෂානි

බල­පත්‍ර නොමැ­තිව ගව­යින් 5ක් ප්‍රවා­හ­නය කළ කැබ් රථ­යක් සහ බල­පත්‍ර නීති උල්ලං­ඝ­නය කර­මින් එළු­වන් 20 දෙනෙකු ප්‍රවා­හ­නය කර­මින් තිබූ කුඩා ප්‍රමා­ණයේ ලොරි රථ­යක් සැක­ක­රු­වන් තිදෙ­නෙකු සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර කොට්ඨාස රථ­වා­හන අංශය පව­සයි.

ඊයේ (03) අලු­යම මිහි­න්ත­ලය නග­රය ආස­න්නයේ, A9 මාර්ගයේ සිදු කළ රථ වාහන පරී­ක්ෂා­ව­කදී කුඩා ලොරි රථ­යක එළු­වන් 20 දෙනෙකු, හිංසා­කාරී අයු­රින් ප්‍රවා­හ­නය කර­මින් තිබි­යදී මෙලෙස අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි. එම එළු­වන් සෙට්ටි­කු­ලම සිට මහ­නු­වර ප්‍රදේ­ශ­යට ප්‍රවා­හ­නය කර­මින් තිබූ අතර, අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත. කැකි­රාව පොලිස් වසමේ A9 මාර්ගයේ, ඇල­ග­මුව ප්‍රදේ­ශ­යේදී මාර්ගයේ ගමන් කළ බොලෙරෝ වර්ගයේ කැබ් රථ­යක් නතර කර සිදු කළ පරී­ක්ෂා­වක දී බල­පත්‍ර කිසි­වක් නොමැ­තිව මී ගව­යින් දෙදෙ­නකු, එළ ගව­යින් තුන්දෙ­නකු ප්‍රවා­හ­නය කර­මින් සිටි පුද්ග­ල­යෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කළේය. මෙම සතුන් තිර­ප්පනේ, දෙම­ටෑව ප්‍රදේ­ශයේ සිට පුබ්බෝ­ගම දක්වා ප්‍රවා­හ­නය කර­මින් සිටි බවත් සිද්ධිය සම්බ­න්ධ­යෙන්, මහව, රන්දෙ­ණිය ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බවත් පොලි­සිය පව­සයි. එම සැක­කරු කැකි­රාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT