Monday, April 21, 2025
Home » නීති විරෝධි ධීවර කටයුතු කල පුද්ගලයින් 06 ක් නාවික හමුදාවට කොටුවෙයි

නීති විරෝධි ධීවර කටයුතු කල පුද්ගලයින් 06 ක් නාවික හමුදාවට කොටුවෙයි

by yasara
May 4, 2024 3:27 pm 0 comment

යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ ඊයේ (03)  දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 40 ත් අතර වයසේ පසුවන තලෙයිමන්නාරම සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හය දෙනා (06), ඩිංගි යාත්‍රා තුන (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය භාර දීමට කටයුතු කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT