Home » අම්පාරේ බස් ගැටුමෙන් සිසුන් 25කට තුවාල
මගීන් 8කටත් තුවාල: රියැ­දු­රන් දෙදෙ­නා­ටම බර­ප­ත­ළයි:

අම්පාරේ බස් ගැටුමෙන් සිසුන් 25කට තුවාල

by damith
May 4, 2024 1:02 am 0 comment

දිගා­ම­ඩුල්ල විශේෂ - වසන්ත චන්ද්‍ර­පාල සහ දමන සමුහ කේ. ඒ. මෛත්‍රි­පාල

අම්පාර සිට නීත්ත දක්වා ගම­න්ගත් පාසල් සිසුන් රැගත් Òසිසු­සැ­රියÓ බස් රථ­යක් සහ අක්ක­ර­ප­ත්තුව සිට අම්පාර දක්වා ගමන් කර­මින් තිබු ලංගම බස් රථ­යක් අම්පාර ඊ.සී.සී හන්දිය අසල දී මුහුණ මුහුණ ගැටී සිසුන් 25 දෙනෙක් සහ මගීන් අට දෙනෙක් තුවාල ලබා තිබේ.

ඊයේ (03)දහ­වල් 2.30ට පමණ මේ අන­තුර සිදුව තිබේ.පාසල් සිසුන් ගමන් ගත් සිසු සැරිය බස් රථය අම්පාර සිට නීත්ත බලා ධාව­නය වී තිබු අතර අනෙක් බස් රථය අක්ක­ර­ප­ත්තුව සිට අම්පාර දක්වා ධාව­නය කර­මින් තිබී ඇත.ලංගම බස් රථ­යට අම්පාර ඊ.සී.සී.පොලිස් මුර­පොළ ආස­න්න­යේදී තවත් රථ­ය­කට ඉස්සර කරන්න ගිය අව­ස්ථා­වේදී මේ අන­තුර සිදු වී තිබේ.

අවට සිටි පිරිස් එකතු වී තුවාල ලබා සිටි පිරිස අම්පාර මහ රෝහල වෙත යවා තිබේ.පසුව අම්පාර මහ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­ක­යේදී තුවාල ලැබු­වන්ට ප්‍රති­කාර කිරී­මට වෛද්‍ය­ව­රුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල යුහු­සු­ළුව ක්‍රියා කර තිබේ.

අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා ඇත්තේ බස්ර­ථ­වල රියැ­දු­රන්ය.මේ ආරං­චිය අම්පාර පුරා පැතිර ගිය අතර නිවෙ­ස්වල සිටි මව්පි­යන් තම දරු­වන් සොය­මින් රෝහල වෙත පැමිණ සිටි­යහ.

අන­තුර වු අව­ස්ථා­වේම අම්පාර පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සනත් චන්ද්‍ර­රත්න මහතා ඇතුළු නිල­ධා­රින් පැමිණ තුවා­ල­ක­රු­වන් රෝහල වෙත යැවී­මට පිය­වර ගනු ලැබීය.

අන­තුර නිසා අම්පාර හිඟු­රාන මාර්ගයේ දැඩි රථ­වා­හන තද­බ­ද­යක් ඇති වු අතර අම්පාර රථ වාහන පොලි­සියේ නිල­ධා­රින් එක්ව අන­තු­රට පත් බස් රථ පාරෙන් ඉව­තට ගෙන මාර්ගයේ යන අනෙක් වාහ­න­ව­ලට ඉඩ ලබාදී තිබේ.

අන­තුර ගැන තොර­තුරු ලැබුණු විගස අම්පාර කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂිකා එච්.ආර්. හසන්ති මහතා සහ අම්පාර බණ්ඩා­ර­නා­යක විදු­හල,අම්පාර ගාමිණි මහා විදු­හල,අම්පාර සද්ධා­තිස්ස විදු­හ­ල්වල විදු­හ­ල්ප­ති­වරු සහ ගුරු­ව­රුන් පැමිණ තම විදු­හ­ල්වල දරු­වන් ගැන සොයා බැලූහ. අන­තු­රින් තුවාල වු දරු­වන්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බව අම්පාර මහ රෝහලේ ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT