- අධිකරණ ඇමැති ප්‍රධානත්වයෙන් අඟුණුකොළපැලැස්සේ දී
- බන්ධනාගාර ජංගම අධිකරණයේ සිට අදාළ සැකකරුවන් වීඩියෝ තාක්ෂණයෙන් උසාවිය හමුවට
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනට සමගාමීව එහි සම්පූර්ණ මූල්‍යමය දායකත්වය මත සෑම අතථ්‍ය අධිකරණයකම මෙන්ම බන්ධනාගාරවලට තොරතුරු තාක්ෂණය ලබාදීම මෙන්ම බන්ධනාගාරවල ආරක්ෂක විශේෂාංග සහ සූර්ය බලශක්තිය ඇතුළු අඛණ්ඩ බල සැපයුම් මඟින් මෙන්ම මානව හිමිකම්වලට අනුකූලව පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තාක්ෂණික සහ ද්‍රව්‍යමය සහාය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිවල ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (03) අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී සිදුකෙරිණි.
රුපියල් මිලියන 500ක පමණ වියදමින් සිදු කළ මේ ව්‍යාපෘතියේදී බන්ධනාගාරය ඇතුළත ඇති ජංගම අධිකරණයේ සිටම අදාළ සැකකරුවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා තිබේ. මෙයින් සිරකරුවන්ට මෙන්ම නිලධාරීන්ට සිදුවන විවිධ පීඩා මෙන්ම සිරකරුවන් ප්‍රවාහනය වෙනුවෙන් වැය කරන මහජන මුදල් නාස්තිය ද අවම කර ගැනීමේ හැකියාව ද පවතින බව ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
මාතර මෙන්ම ගාල්ල බන්ධනාගාරවල ද මේ වැඩසටහනට අනුව අදාළ සියලු පහසුකම් සහිත ඒකක ද ඊයේ (03) විවෘත කිරීමට නියමිතව තිබුණි. මේ වැඩසටහනට UNODC GMCP හි ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ UNODC කාර්යාලයේ ප්‍රධානී Siri Bjune මහත්මිය වැඩිදුරටත් පැවසුවේ ÒUNODC GMCP බන්ධනාගාර සහ වැරදිකරුවන් කළමනාකරණයට ඵලදායී සහ මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීමට කැපවී සිටින බවයි.