Home » ශ්‍රී ලාංකික කාන්තා සංක්‍ර­ම­ණික සේවි­කා­වන් දැනු­වත් කිරී­මක් සිංග­ප්පූ­රුවේ කරි­ටාස් ගම්මා­නයේ දී

ශ්‍රී ලාංකික කාන්තා සංක්‍ර­ම­ණික සේවි­කා­වන් දැනු­වත් කිරී­මක් සිංග­ප්පූ­රුවේ කරි­ටාස් ගම්මා­නයේ දී

by damith
May 4, 2024 1:02 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ශ්‍රී ලාංකික කාන්තා සංක්‍ර­ම­ණික සේවි­කා­වන් දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් සිංග­ප්පූ­රුවේ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය මඟින් සංවි­ධාන කර තිබේ. සිංග­ප්පූ­රුවේ කරි­ටාස් ගම්මා­නයේ දී මෙය සංවි­ධාන කර තිබෙන අතර, ශ්‍රී ලාංකික කාන්තා සංක්‍ර­ම­ණික සේවි­කා­වන් යම් යම් ක්ෂේත්‍ර පිළි­බ­ඳව දැනු­වත් කර­මින් ඔවුන් සවි­බල ගැන්වීම, ශ්‍රමි­ක­යන් සහ මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය අතර ශක්ති­මත් සබ­ඳ­තා­වක් ඇති­කර ගැනීම මෙම­ඟින් අර­මුණු කරන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

මේ අව­ස්ථා­වට ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික කාන්තා­වන් 200ක් පමණ සහ­භාගි වී තිබෙන අතර, සිංග­ප්පූ­රුවේ ශ්‍රී ලංකා ව්‍යාපා­රික සංග­මයේ සහ­යෝ­ග­යෙන් මේ වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබේ. 2023 වසරේ සැප්තැ­ම්බර් මාසයේ සිට මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය විසින් සංවි­ධාන කරන ලද දෙවන උත්ස­වය මෙයයි. සිංග­ප්පූ­රුවේ ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් සෙන­රත් දිසා­නා­යක මහතා ශ්‍රී ලංකාවේ ආර්ථි­ක­යට සංක්‍ර­ම­ණික ශ්‍රම බළ­කාය දුන් සුවි­ශේෂී දාය­ක­ත්වය අගය කර තිබෙන අතර සංක්‍ර­ම­ණික ශ්‍රම බළ­කාය සවි­බල ගැන්වීමේ වැද­ග­ත්කම සහ ඔවුන්ගේ ප්‍රමි­තීන් හා කාර්ය­ක්ෂ­ම­තාව පවත්වා ගැනීමේ වැද­ග­ත්කම ද අව­ධා­ර­ණය කර තිබේ.

සිංග­ප්පූ­රුවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික ශ්‍රමි­ක­යන්ගේ සුබ­සා­ධ­නය සහ ආර­ක්ෂාව වෙනු­වෙන් මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ කම්කරු අංශය කැපවී සිටින බවත් සහය සඳහා පැය විසි­හ­තර පුරාම සම්බන්ධ කර ගත හැකි බවත් මහ කොම­සා­රිස් දිසා­නා­යක මහතා පවසා ඇත. මේ අතර ශ්‍රී ලංකා ව්‍යාපා­රික සංග­මයේ සභා­පති ලක්ෂාන්ති ප්‍රනාන්දු මහ­ත්මිය විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් දැනු­වත් කිරීමේ වැද­ග­ත්කම පෙන්වා දී තිබෙන අතර, මෙවර උත්ස­වයේ සාර්ථ­ක­ත්වය පිළි­බ­ඳව සතුට පළ කර තිබේ.

සිංග­ප්පූ­රුවේ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ උප­දේ­ශක සහ කම්කරු අංශයේ ප්‍රධානී නිපුන තිබ්බ­ටු­මු­ණුව මහතා උත්ස­වයේ වැද­ග­ත්කම අව­ධා­ර­ණය කර තිබෙන අතර, උත්ස­වයේ මූලික අර­මුණ සමඟ සම­පාත වෙමින් තම ජීවි­තය පිළි­බඳ වටිනා අව­බෝ­ධ­යක් ලබා ගන්නා ලෙස සහ­භා­ගි­ව­න්න­න්ගෙන් ඉල්ලා ඇත. සිංග­ප්පූ­රුවේ මිනි­ස්බල අමා­ත්‍යාං­ශය, සිංග­ප්පූරු පොලිස් බළ­කාය සහ සමාජ ආධාර සහ පුහු­ණුව සඳහා වන විදේශ ගෘහ සේවක සංග­මයේ සම්පත් දාය­ක­යන් විසින් ඔවුන්ගේ විශේ­ෂිත ක්ෂේත්‍ර පිළි­බ­ඳව කරුණු ඉදි­රි­පත් කර­මින් සහ­භාගි වන්නන් දැනු­වත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT