Home » අකු­රණ නගර සංව­ර්ධන සැලැ­ස්ම: පිඟා­ඔයේ ගංව­තුර පාල­න­යට නව වැඩ­ස­ට­හ­නක්

අකු­රණ නගර සංව­ර්ධන සැලැ­ස්ම: පිඟා­ඔයේ ගංව­තුර පාල­න­යට නව වැඩ­ස­ට­හ­නක්

by damith
May 4, 2024 1:02 am 0 comment

කටු­ග­ස්තොට සමූහ - එස්. ජී. විජේ­රත්න

සුළු වැසි තත්ත්ව­ය­කදී පවා පිඟා­ඔය පිටාර ගැලීම සිදු­වන අතර ඒ හේතු­වෙන් අකු­රණ නග­රය අවට පදිං­චි­ක­රු­වන්ට මෙන්ම ව්‍යාපා­රි­ක­යන්ට වසර ගණ­නා­වක සිට ගැටලු රැස­කට මුහු­ණ­දී­මට සිදුව තිබේ. මේ ගැට­ලු­ව­ලට විස­ඳුම් සෙවීමේ අර­මු­ණින් ගංව­තුර තත්ත්වය පාල­නය කිරී­මට නව වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් සකස් කර­මින් පවතී. මේ සම්බ­න්ධව සාක­ච්ඡා­වක් මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ලලිත් යූ.ගමගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉකුත් 29 වැනිදා ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැව­ත්විණි. මෙහිදී අකු­රණ නගර සංව­ර්ධන සැලැ­ස්මට අනුව දිගු­කා­ලීන, මධ්‍ය­කා­ලීන හා කෙටි­කා­ලීන ක්‍රම­වේ­ද­ය­කට අනුව ස්ථිර විස­ඳු­මක් ලබා දීම වෙනු­වෙන් කරුණු රැසක් සාකච්ඡා කරනු ලැබීය. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ­කි­රීමේ සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව හා ආය­තන රැසක් මඟින් මෙම ගැට­ලුව නිරා­ක­ර­ණය කර ගැනීම පිළි­බ­ඳව සිදු කරන ලද පරී­ක්ෂණ හා අධ්‍ය­යන යෝජ­නා­වල තොර­තුරු, යෝජිත ජල විද්‍යා අධ්‍ය­ය­නය සහ වැසි ජල අප­ව­හන සැලැස්ම ඇතු­ළත් ගංව­තුර තත්ත්වය අවම කිරීමේ යෝජ­නා­වල කරුණු ද මෙහිදී ඉදි­රි­පත් කරනු ලැබීය. ඒ අනුව ජල ගැලීම් පාල­නය කිරී­මට කානු පද්ධ­තිය වැඩි­දි­යුණු කිරීම, ඔයේ තැන්පත්ව ඇති රොන්මඩ හා වැලි ඉවත් කිරී­මට කට­යුතු යෙදීම, ජලය බැස යෑමේ වේගය වැඩි කිරී­මට පිය­වර ගැනීම, අක්‍ර­ම­වත් ඉදි­කි­රීම් ඇළ මාර්ග­යෙන් ඉවත් කිරීම, නව තාක්ෂ­ණික ක්‍රම­වේද යොදා ගනි­මින් නැවත පිඟා­ඔය පිටාර ගැලීම වළ­ක්වා­ලීම වෙනු­වෙන් ගත යුතු ඉදිරි පිය­වර ගැනද මෙහිදී සාක­ච්ඡා­වට බඳුන් විය. රාජ්‍ය අංශය, පෞද්ග­ලික අංශය ඒකා­බ­ද්ධව මෙන්ම පිඟා­ඔය සම්බන්ධ වන හාරි­ස්ප­ත්තුව, අකු­රණ, පූජා­පි­ටිය හා පාත­දු­ම්බර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස හතර ඒකා­බ­ද්ධව සහ­යෝ­ග­යෙන් වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට ද මෙහිදී යෝජනා විය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේම­සිංහ, මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්න­කෝන්, ආණ්ඩු­කාර ලේකම් මංජුලා මඩ­හ­පොළ මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT