Home » ඔන්මැක්ස් ඩීටී තැන්පතු භාර ගත් හය දෙනකු රට පනි­න­වාට වැට

ඔන්මැක්ස් ඩීටී තැන්පතු භාර ගත් හය දෙනකු රට පනි­න­වාට වැට

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ගෙන් නියෝග

by damith
May 4, 2024 1:20 am 0 comment

නිමන්ති රණ­සිංහ

නීති විරෝධී පිර­මි­ඩා­කාර ගනු­දෙනු කළැයි කියන සිද්ධි­යට අදාළ ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ග­ලික සමා­ගම ප්‍රව­ර්ධ­නය කර­මින් තැන්ප­තු­ක­රු­වන්ගේ මුදල් භාර ගත් බව කියන හය දෙන­කුගේ විදෙස් ගමන් තහ­නම් කර­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (2) නියෝ­ග­යක් නිකුත් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහ­නම් කරනු ලැබුවේ වෙදෙ­ගෙ­දර දුම්රිය පොළ පාර සීදුව පදිංචි වෙනුකා හරින්දි ද සිල්වා, කාව­න්ති­ස්ස­පුර තිස්ස­ම­හා­රා­මය පදිංචි රත්න­වීර පට­බැ­ඳිගේ දිනුෂ් චතු­රංග, කුඩා­ග­ම්මාන 3 ලුණු­ග­ම්වෙ­හෙර පදිංචි කට්ට­ඩිගේ දිනුෂ් චතු­රංග, සිසිල සෙවණ රන්න නැඟෙ­න­හිර රන්න පදිංචි ජුල්ගොඩ මානගේ මයුර දිල්ෂාන්, අංක 144 සර්මා අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස පදිංචි දොරේ මරේ බඩල්ගේ සදුන් ඉන්දික සහ අංක 430/ඒ තිල­ක­රත්න මාවත රත්ගම පදිංචි ජුලි­යන් නුවන් සමීර යන අව­ගේය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මෙතෙක් කළ විම­ර්ශ­න­ව­ලදී හෙළි කර­ගත් කරුණු අනුව මේ පුද්ග­ල­යන් ඔන්මැක්ස් ටීඩී නීති විරෝධී පිර­මි­ඩා­කාර ගනු­දෙනු ප්‍රව­ර්ධ­නය කර තැන්ප­ත්ක­රු­වන්ගේ තැන්පතු භාර ගෙන ඇති බවට කරුණු අනා­ව­ර­ණය වී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ කරුණු ඉදි­රි­පත් කළේය. ඒ අනුව මොවුන් හය දෙනා මේ විම­ර්ශ­න­යට සහාය නොදී මෙර­ටින් පලා යෑමේ ප්‍රව­ණ­තා­වක් ද මතු වීමට ඉඩ­ප්‍රස්තා ඇති බැවින් අප­රාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වග­න්තිය ප්‍රකා­රව ඔවුන්ගේ විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය. ඔන්මැක්ස් ඩීටී පෞද්ග­ලික සමා­ගමේ සැක­කාර අධ්‍ය­ක්ෂ­ව­රුන් සන්ත­කයේ තිබූ රුපි­යල් කෝටි 100කට අධික වටි­නා­ක­ම­කින් යුත් ඉඩම් 31ක් සම්බ­න්ධ­යෙන් තක්සේරු වාර්තා කැඳ­වීම සඳහා තක්සේරු දෙපා­ර්ත­මේ­න්තු­ව­ටද ඊයේ (3) අධි­ක­ර­ණ­යෙන් නියෝග 9ක් නිකුත් විණි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පෙරේදා (2) නඩුව යළි කැදැවූ අව­ස්ථා­වේදී අධි­ක­ර­ණ­යෙන් කළ ඉල්ලී­ම­කට අනුව මේ නියෝ­ගය නිකුත් විය.

ඒ අනුව නියෝජ්‍ය ප්‍රධාන තක්සේ­රු­කරු (ගාලු­පා­ර‍ ­කො­ළඹ 03), ප්‍රධාන තක්සේ­රු­කරු (මර­දාන පාර කොළඹ 10), ප්‍රධාන තක්සේ­රු­කරු (බට­හිර උතුර පළාත් කාර්යා­ලය ගම්පහ), ජ්‍යෙෂ්ඨ තක්සේ­රු­කරු (දකුණු පළාත් කාර්යා­ලය මාතර), ප්‍රධාන තක්සේ­රු­කරු (බට­හිර මධ්‍යම කාර්යා­ලය දෙහි­වල පාර මහ­ර­ගම), ප්‍රධාන තක්සේ­රු­කරු (ඌව පළාත් කාර්යා­ලය කච්චේරි සංකී­ර්ණය බදුල්ල), ප්‍රධාන තක්සේ­රු­කරු (යටි­නු­වර වීදිය මහ­නු­වර), ප්‍රධාන තක්සේ­රු­කරු (මිහිඳු මාවත කුරු­ණෑ­ගල), ප්‍රධාන තක්සේ­රු­කරු (දකුණු පළාත් 2 කාර්යා­ලය තංගල්ල පාර අම්බ­ල­න්තොට) යන අය වෙත මේ නියෝග නිකුත් විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT