Monday, April 21, 2025
Home » ගාසා තීරයේ ආහාර අර්බු­ද­යෙන් ඊශ්‍රා­යල සබ­ඳතා තුර්කි­ය නවතයි

ගාසා තීරයේ ආහාර අර්බු­ද­යෙන් ඊශ්‍රා­යල සබ­ඳතා තුර්කි­ය නවතයි

by damith
May 4, 2024 1:20 am 0 comment

ගාසා තීරයේ ප්‍රහා­ර­ව­ලින් සිදුවූ මානු­ෂීය ඛේද­වා­ච­ක­යට සහ ආධාර සැප­යී­මට බාධා කිරී­මට එරෙ­හිව දැඩි විරෝ­ධය දක්ව­මින් ඊශ්‍රා­ය­ලය සමඟ තිබූ සියලු වෙළෙඳ සබ­ඳතා අත්හිටවූ බව තුර්කිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කිසිදු බාධා­ව­කින් තොරව අවශ්‍ය ප්‍රමා­ණ­යෙන් ගාසා තීර­යට ආධාර සැප­යී­මට ඊශ්‍රා­ය­ලය අව­සර ලබා දෙන­තුරු එය ක්‍රියා­ත්මක වන බව තුර්කියේ වෙළෙඳ ඇමැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ. තුර්කිය සහ ඊශ්‍රා­ය­ලය අතර වෙළෙඳ ගනු­දෙ­නුව පසු­ගිය වස­රේදි අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7 ඉක්මවා ගිය බව ද වාර්තා වේ. මේ අතර එම තීර­ණය පිළි­බඳ චෝදනා කර­මින් තුර්කි ජනා­ධි­පති රිසෙප් ටයි­යිප් ඒකා­ධි­ප­ති­යකු ලෙස කට­යුතු කරන බව ඊශ්‍රා­යල විදේශ ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT