Wednesday, April 23, 2025
Home » තිරසර ජල භාවිතයන් හරහා ප්‍රජාව සවිබල ගැන්වීමට එක් වෙමු

තිරසර ජල භාවිතයන් හරහා ප්‍රජාව සවිබල ගැන්වීමට එක් වෙමු

by damith
May 4, 2024 1:17 am 0 comment

වියළි කලාපයේ ජනතාව නිරන්තරයෙන් ජල හිඟයට මුහුණපාන අතර පහසුවෙන් ජලය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් උතුරු ප්‍රදේශය තුළද මෙය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව සඳහන් කළ හැකිය. මේ බව මනාව හඳුනා ගනිමින් ACTED සහ We Effect ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන Coca-Cola පදනම සමඟ එක්ව වාරිමාර්ග හා පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැඩසටහන් දියත් කිරීමට කටයුතු

කළේය. ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙම රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව සිදු කළ මෙම වැඩසටහන් මොනරාගල, අනුරාධපුරය හා මඩකළපුව යන ප්‍රදේශවල ක්‍රියාත්මක කළ අතර ඒ තුළින් එම ප්‍රදේශවල ජනතාව මෙතෙක් මුහුණ දුන් පානීය ජල ගැටලුවට විසඳුම් ගෙන ඒමට ඔවුන්ට අවස්ථාව උදා විය. ඒ තුළින් ළිං සහ ජලාශවල ජලය බීමට හා අනෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීමට සුදුසු ලෙස ජනතාව වෙත ලබා දීම ප්‍රදේශයේ සියලු දෙනාට සුවිසල් අස්වැසිල්ලක් වූ බව නොරහසකි.

මෙම සුවිශේෂී ක්‍රියාන්විතය යටතේ තම්මැන්නාව ගම්මානයේ වාරි මාර්ග හා පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩසටහනක් දියත් කිරීමට Coca-Cola පදනමේ අනුග්‍රාහකත්වය යටතේ We Effect කටයුතු කරන ලදි. එහි දී වසර සියයකට වඩා පැරණි වාරි කර්මාන්තයන් ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව ඒවායෙහි ජල ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම අක්කර 200කට අධික කෙත් බිම් සඳහා අවශ්‍ය දියවර ලබා දීම තුළින් පවුල් 476කට අධික ප්‍රමාණයක් වෙත සෙත සැලසීමට හැකියාව උදා විය. ඉන් නොනැවතුණු ඔවුන් ග්‍රාමීය ගොවි සමූපකාර සමිතිය සමඟ කාන්තාවන් 300කට අධික පිරිසක් එක් කරමින් 100 දෙනකු වෙත ව්‍යවසාය පුහුණුව ලබා දීමට කටයුතු කරනු ලැබුවේ ආර්ථික වශයෙන් දියුණු ග්‍රාමීය ප්‍රජාවක් බිහි කිරීමේ පළමු පියවර තබමිනි. පහසුවෙන් ජලය ලබා ගැනීමට මෙන්ම කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීමට ද, ග්‍රාමීය කාන්තාවගේ ආර්ථිකය නඟාසිටුවීමට ද එම වැඩසටහන සුවිසල් දායකත්වයක් දැක්වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT