ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන් විවිධ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතීන්, සියලු දෙනා එක්ව සිදු කරන උත්සව හා වෙනත් කටයුතු වැනි දේ පිළිබඳ ලොවට පෙන්වා දීමට කදිම වේදිකාව වූයේ TikTok ය. TikTok හි විලාසිතා සම්බන්ධයෙන් විවිධ නිර්මාණ ඉදිරිපත් කරන Tiasha Fernando මෙවර අවුරුදු සමය වෙනුවෙන් සාම්ප්‍රදායක ඇඳුම් හා නවීන විලාසිතාවලින් සැදුම්ලත් අගනා විලාසිතා සම්මිශ්‍රණයක් ඉදිරිපත් කළාය. ඇය පැවසුවේ “අවුරුදු සමයේදී සාම්ප්‍රදායක ඇඳුම්වලට මුල් තැන දීමට මම කටයුතු කළා” යනුවෙනි. අලංකාර බ්ලවුස් සමඟින් ඊට ගැළපෙන ආකාරයේ අලංකාර ලුංගි, මල් මුද්‍රිත ඇඳුම් වැනි දේ තුළින් සංස්කෘතික අභිමානය
හා අනන්‍යතාව ගෙන හැර දැක්වීමට මෙහිදී Tiasha Fernando කටයුතු කර තිබිණි. තවද මේ තුළින් ඇය ඉදිරිපත් කළ බතික් සරම්, ලුංගි, ලිනන් කමිස, බ්ලවුස් වැනි ඇඳුම් පැලඳුම් නරඹන්නාට ආකර්ෂණයක් මෙන්ම ජීවිතයට නැවුම් බවකුත් එක් කිරීමට සමත් විය.
අවුරුදු සමයේ තවත් විශේෂිතම අංගයක් වන අවුරුදු කෑම පිළිබඳව TikTok වේදිකාවේ තොරතුරු බෙදා හදා ගැනීමට Stories of Lash විසින් සියලු දෙනාට අරාධනා කර තිබුණේ අවුරුදු සමයේ #WhatToCook ලෙස හඳුන්වා දෙමිනි. සාම්ප්‍රදායික කැවිලි කඩයක් ලෙස සකස් කළ හෝටල්, ඉමිහිරි ආහාර වර්ග, එළිමහනේ සිදු කරන ඉවුම් පිහුම් මෙන්ම අවුරුදු ක්‍රීඩාවන් සමඟින් නරඹන්නන්ට විචිත්‍රත්වයක් එක් කරන්නට Stories of Lash සමත් වූයේ ඒ සමඟ එක්වන ලෙස සියලු දෙනාට ඇරියුම් කරමිනි.