ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උලෙළේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි.
කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුලන Omega Line ආයතනය වාර්ෂිකව මිලියන 100කට වැඩි ඇඟලුම් ප්‍රමාණයක් අපනයනය කරයි. ඒ සඳහා 4,500කට වැඩි සේවක පිරිසක් දායක වන අතර ඉන් සියයට 90කටත් වැඩි පිරිස කාන්තාවන් වීම ද කැපීපෙනෙයි. දේශීය සැපයුම්කරුවන් සමඟ සහයෝගිතාවයෙන් තම දේශීය රෙදි නිෂ්පාදන ධාරිතාව ද නංවාගැනීමට Omega Line ආයතනය සමත්ව ඇති අතර ඒ හරහා වඩාත් ශක්තිමත් සහ විචලතාවන්ට ගැළපෙන සැපයුම් දාමයක් බිහි කර ගැනීමට අපේක්ෂිතය.
මෙම ඇගයුම හරහා අපගේ දක්ෂ කාර්ය මණ්ඩලයේ නොපසුබට කැපවීම පිළිබිඹු වෙනවා. අපට ඉදිරියට යාමේදී ඔවුන්ගෙන් ලද දායකත්වය විශිෂ්ටයි. ඒ වගේම නවෝත්පාදනය සහ බලපෑම්සහගත නව විසඳුම් වෙනුවෙන් අපගේ කැපවීම හරහා දේශීය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබෙනවා, යනුවෙන් Omega Line සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
Omega Line ආයතනය යනු 15,500කට අධික සේවක සංඛ්‍යාවකින් යුතු සහ, ඉකුත් වසරේදී ඇඟලුම් නිෂ්පාදන මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කළ මෙරට අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Omega සමූහයේ සාමාජිකයෙකි. වර්තමානයේදී රට මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ වුව ද ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි පිරිවැටුමක් සහ ඩොලර් මිලියන 350ක ආයෝජන සිදු කිරීමට සමූහය සමත්විය.