Home » ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක්

by yasara
May 4, 2024 1:52 pm 0 comment

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙයි

ඒ ඇමරිකා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 18කින් ජය ගනිමිනි

අබුඩාබිහී ට්‍රොලෙරෙන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 4ක් දැවී ලකුණු 123ක් රැස් කළහ

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 105ක් පමණි.

චමරි අතපත්තු තම පන්දුවාර 4 අවසානයේ ලකුණු 14කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව හෙට (05) පැවැත්වීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT