Home » ගෑස් මිල පහ­තට

ගෑස් මිල පහ­තට

by damith
May 4, 2024 1:19 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක
  • ලාෆ්-රු. 3,840යි  ලිට්‍රෝ-3,940යි

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි පහත හෙළී­මට පිය­වර ගෙන තිබේ.

ඒ අනුව 4,115ක මිලක පව­තින කි.ග්‍රෑ. 12.5ක ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල වන්නේ රු. 3,940ක් වන අතර, කි.ග්‍රෑ. 5ක ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල රු. 1,582ක් වන බව ලිට්‍රෝ ගෑස් සමා­ගමේ සභා­පති මුදිත පීරිස් මහතා පැව­සීය. කි.ග්‍රෑ. 2.3ක ගෑස් සිලි­න්ඩ­ර­යක් නව මිල රු. 740කි. මේ අතර ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් කි.ග්‍රෑ. 12.5 සිලි­න්ඩ­ර­යක නව මිල රු. 3,840ක් වන අතර කි.ග්‍රෑ. 5 ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල 1,542කි.

ලෝක වෙළෙ­ඳ­පොළේ ගෑස් මිල අඩු වීමක් සිදු වීම හේතු­වෙන් ඊට අනු­පා­තව ලාෆ් ගෑස් මිල අඩු වන බව එම සමා­ගමේ සමූහ ප්‍රධාන විධා­යක නිල­ධාරී ආචාර්ය නිරෝ­ෂන් ජේ. පීරිස් මහතා ඊයේ පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමින් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT