318
ගෑස් මිල පහළ යෑමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. කෙටි ආහාරවල මිල ගණන් රු.10කින් අඩු කර ඇති බවත්, කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රු. 20කින් අඩු කළ බවත් එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත්, ප්ලේන්ටී සහ කිරිතේ මිල ගණන් වෙනස් කර නැති බවද ඔහු දිනමිණට අදහස් දක්වමින් කියා සිටියේය.