බලපත්‍ර නොමැතිව ගවයින් 5ක්, ප්‍රවාහනය කල කැබ් රථයක් සහ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින්, එළුවන් 20 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශය පවසයි.
අද (03) අළුයම මිහින්තලය නගරය ආසන්නයේ, ඒ නවය මාර්ගයේ සිදු කල රථ වාහන පරීක්ෂාවකදී, කුඩා ලොරි රථයක එළුවන් 20 දෙනෙකු, හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම එළුවන් සෙට්ටිකුලම සිට මහනුවර ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
කැකිරාව පොලිස් වසමේ ඒ නවය මාර්ගයේ, ඇලගමුව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කල බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් නතර කර සිදු කල පරීක්ෂාවකදී බලපත්‍ර කිසිවක් නොමැතිව මී ගවයින් දෙදෙනෙකු, එළ ගවයින් තුන් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කලේය.
මෙම සතුන් තිරප්පනේ, දෙමටෑව ප්‍රදේශයේ සිට පුබ්බෝගම දක්වා ප්‍රවාහනය කරමින් සිටි බවත් සිද්ධිය සම්බන්ධයෙන්, මහව, රන්දෙනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. එම සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නියාස් මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශ සැරයන්වරුන් වන අබේසේකර (28173), ජයරත්න (66921), ප්‍රේමරත්න (36669), දිසානායක (39177) යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කලහ.