ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙන බව එම අමාත්‍යාංංශය නිවේදනය කර සිටියි.
මීටර් අටසිය පනහක් සහ මීටර් 150 ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය ව්‍යාපෘතියට ඇතුළත් වෙයි
මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු නිරාකරණය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඊට එක් වුණු අතර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සතියක් තුළ ලබා දීමට මෙහිදී තීරණය විය.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙසීයක් වැය කිරීමට නියමිතව ඇත