Home » අධ්‍යාපන ඇමති බිබිල පාසල් වල නිරීක්ෂණ චාරිකාවක

අධ්‍යාපන ඇමති බිබිල පාසල් වල නිරීක්ෂණ චාරිකාවක

by yasara
May 3, 2024 11:35 am 0 comment

අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (02)  බිබිල අධ්‍යාපන කලාපයේ පාසල් හතරක නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

බිබිල වෙල්ලස්ස ජාතික පාසල,බිබිල යශෝධරා බාලිකා ජාතික පාසල,දොඩම්ගොල්ල මහා විද්‍යාලය සහ බකිනිගහවෙල මුස්ලිම් මහා විද්‍යාලය වලට ගොස් පාසල් වල අඩුපාඩු සොයා බැලූ ඇමතිවරයා පාසල දරුවන් සඳහා විදුලි පාපැදි ලබාදීමටත් පාසල් පුස්තකාල සඳහා පොත්පත් බෙදාදීමටත් පියවර ගත්තේය.

මීට සමගාමීව බකිනිගහවෙල මුස්ලිම් මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයටද ඇමතිවරයා සහභාගී විය.

මෙම අවස්ථාවන්ට පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස,බිබිල කලාප අධ්‍යපන අධ්‍යක්ෂ එච්.එම්.පී.කේ හේරත්,විදුහල්පතිවරුන් වන ඒ.එම් ටිකිරි බණ්ඩාර (වෙල්ලස්ස ජාතික පාසල්),හිමාලී සමන් කුමාරී (බිබිල යශෝධරා බාලිකා ජාතික පාසල),එම්.එච්.එම් මුබාරක් (බකිනිගහවෙල මුස්ලිම් මහා විද්‍යාලය)යන මහත්වරුන් ඇතුළු ගුරුභවතුන්,දෙමව්පියන් ආදි ශිෂ්‍යයින් සහ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT