Home » අඹු සැමියන්ගේ නිසල සිරුරු නිවෙස් දෙකකින් හමුවෙයි

අඹු සැමියන්ගේ නිසල සිරුරු නිවෙස් දෙකකින් හමුවෙයි

by yasara
May 3, 2024 9:25 am 0 comment

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු දෙකක් නෙඩුන්කේණී පොලීසිය විසින් ඊයේ (02)  සවස සොයා ගෙන තිබේ.

ප්‍රධාන නිවසේ පදිංචිව සිටි ති‍දරු පියෙකු වන 47 හැවිරිදි වේදනායගම් ලෝගනාදන් නැමැත්තා කැපුම් තුවාල සහිතව මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර බිරිද වන 37 හැවිරිදි ලෝගනාදන් පරමේශ්වරී  නැමැත්තියගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ ප්‍රධාන නිවසට මදක් දුරින් පිහිටි වෙනත් නිවසක් තුළ තිබියදීය.

මේ දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිවීම නිසා කලක සිට ඔවුන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් ජීවත් වූ බව අසල්වාසීන් නෙඩුන්කේණී පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

මියගොස් සිටින ස්වාමි පුරුෂයාගේ බෙල්ල ඇතුලු ස්ථාන ගණනාවක කැපුම් තුවාල දක්නට ලබීමටත් බිරිදගේ මෘත ශරීරයෙන් කිසියම් වස වර්ගයක කටුක ගදක් හමා යාමත් නිසා පොලීසිය සැකකරනු ලබන්නේ බිරිද විසින් ස්වාමියාව කපා කොටා ඝාතනය කොට ඇය වස පානය කරන්නට ඇති බවයි.

නෙඩුන්කේණී පොලීසිය විසින් ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT