සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ මතු පරපුර වෙනුවෙන් සුවිසල් ආයෝජනයක් සිදු කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවසුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් සහ ඉදිරි වසර සාර්ථකව ගමන් කිරීම වෙනුවෙන් ඔවුන්ව දැනුම්වත් කිරීමේ අරමුණින් සංවර්ධන අභිමන් ජාතික සමුළුව 2024 කොළඹ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී ඊයේ (29) පැවැති උත්සවය අමතමිනි.
තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය රුපියල් බිලියන 3.6ක ඉතිහාසයේ වැඩිම ලාභය පසුගිය වසරේදී හිමි කර ගෙන තිබෙනවා. 2023 වසරේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් බිලියන 13.4කට අධික මුදලක් ත්‍යාග වශයෙන් ද ලබා දෙමින් ඔවුන් මෙම විජයග්‍රහණය සම්පූර්ණ කර ගෙන තිබෙනවා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදල් පරිත්‍යාගයෙන් හා ආයෝජනයෙන් වසර 40කට වැඩි කාලයක් රටවැසියාගේ විවිධ ක්ෂේත්රවලට ලබා දෙන ලද සහාය හා සහයෝගය සිහිපත් කරනවා.
සංවර්ධන ලොතරැයියේ වටිනාකම හා අර්ථය එසේ රටපුරා ගෙන යන්නට රටවැසියා දායක කර ගන්නට හැකි වුණු සංවර්ධන ලොතරැයියේ නියෝජිත මහත්වරුන්ට හා මහත්මියන්ට අද දවස ගැන ආඩම්බරයක් ඇති වෙනවා ඇති. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ ජන ජීවිත එළිය කරමින් හතර වැනි දශකය පසුකරමින් සිටිනවා. එදා මෙදා තුර සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආ ගමන් මඟෙහි ඔවුන් සමඟ නිබඳව අත්වැල් බැඳ සිටි බෙදාහැරීමේ අලෙවි නියෝජිත, අලෙවි නියෝජිත, අලෙවි සහායක ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ශක්තිය වී ඇත. ඒ ශක්තියෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසර, ඉතිහාසයේ වාර්තා ගත ජයග්‍රාහීම වසර බවට පත්කර ගෙන තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙහෙයවනු ලබන ලොතරැයි ආදායමින් 50%කට අධික ප්‍රතිශතයක් වෙන් කරනුයේ ත්‍යාග වෙනුවෙනි. ඒ අතර දිවයින පුරාම කෝටිපතියන්, දස ලක්ෂපතියන්, ලක්ෂපතියන් සිය දහස් ගණනක් බිහි කිරීමට ඔවුන්ට හැකියාව ලැබී කිබෙනවා.
ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ, සුරේන් රාඝවන්, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, මදුර විතානගේ, සි.බී. රත්නායක, රාජිත සේනාරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.