Saturday, April 19, 2025
Home » ප්‍රීමා කොත්තු මී වෙතින් සැරට රසට කොරියානු රාමේන්

ප්‍රීමා කොත්තු මී වෙතින් සැරට රසට කොරියානු රාමේන්

by chanaka
April 30, 2024 9:00 am 0 comment

කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කොට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නූඩ්ල්ස් සන්නාමයක් විසින් කොරියානු ආහාර වට්ටෝරුවක් වන රාමේන් සමග කුකුල් මස් රසය මුසු කළ Korean Ramen fiery chicken flavour හඳුන්වාදීම කැපී පෙනෙයි.

කටට සැරට නූඩ්ල්ස් ආහාරයට ගැනීමට ප්‍රිය දෙස් විදෙස් රසවතුන් අමන්දානන්දයට පත් කළ ප්‍රීමා කොත්තු මී සන්නාමය විසින් හඳුන්වා දෙන නවතම රාමේන් රස පෙරළිය Korean Ramen fiery chicken flavour දෙගුණයක් වැඩි සැර රසයකින් යුක්ත වේ. රාමේන් යනු කොරියානු ආහාර සංස්කෘතියට අයත් සුවිශේෂී වට්ටෝරුවකට සකස් කෙරෙන පෙනුමෙන් හා රසයෙන් අද්විතීය වූ නූඩ්ල්ස් නිෂ්පාදනයකි. දෙගුණයක් වැඩි සැර රසයකින් යුක්ත ප්‍රීමා කොත්තු මී Korean Ramen fiery chicken flavour එම සැබෑ රාමේන් සැර රසය ශ්‍රී ලාංකිකයන් වෙත ඉදිරිපත්කොට තිබේ.

ප්‍රීමා කොත්තු මී සන්නාමය යටතේ රාමේන් රසය හඳුන්වාදීම පිළිබඳ ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයට අයත් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රී ස් සමාගමේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින් “ලොව පුරා හොට් ඇන්ඩ් ස්පයිසි රසයට ප්‍රිය කරන රසවතුන්ට කොරියන් රාමේන් හඳුන්වාදීම අලුත්ම රස අත්දැකීමක් වේවි යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසීය.

ප්‍රීමා කොත්තු මී වෙතින් මෑතකදී නිකුත් වූ නයි මිරිස් රසය එකතු කළ Prima KottuMee Nai Miris උණුසුම වෙළෙඳපොළේ පවතින අතරතුරදීම නිකුත්ව තිබෙන කොරියානු රාමේන් රස පෙරළිය ප්‍රීමා කොත්තු මී Korean Ramen fiery chicken flavour දිවයින පුරා තෝරාගත් වෙළෙඳසැල් වලින් මිලදීගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT