නීති විරෝධීව පෙරන ලද මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දස දෙනකු රෝහල්ගත කළ බවත් ඉන් හයදෙනකු රෝහල්ගතව තවමත් ප්‍රතිකාර ලබන බව හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එසඳ වෙල්ලාල මහතා “දිනමිණ” ට ඊයේ (29) පැවසීය.
ඉන් එක් අයකු ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් වෙනත් ස්ථානයකින් ප්‍රතිකාර ලබන බවත් හෙතෙම කීවේය.
කළුතර වරකාගොඩ කරන්නාගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී මත් වතුර පානය කිරීමෙන් මරණයට පත් වූ පුද්ගලයන් තිදෙනාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන බව
ඔවුන් තිදෙනාගෙන් පුද්ගලයන් දෙදෙනකුගේ මරණයට හේතුව හෘදයාබාධ බවට ප්‍රකාශ කළ ද, එම මරණවලට නිශ්චිත හේතුව එයම ද යන්න තහවුරු කර ගැනීම මෙමඟින් අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.