281
චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට නියමිතය.
හෙතෙම මැයි 5 – 10 දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (29) මේ බව නිවේදනය කළේය.
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපතිවරයා එම සංචාරයන්ට එක් වන බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying කියාසිටියාය.