Home » චීන ජනපති යුරෝපා රටවල් 03ක නිල චාරිකාවක

චීන ජනපති යුරෝපා රටවල් 03ක නිල චාරිකාවක

by chanaka
April 30, 2024 4:24 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට නියමිතය.

හෙතෙම මැයි 5 – 10 දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (29) මේ බව නිවේදනය කළේය.
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපතිවරයා එම සංචාරයන්ට එක් වන බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying කියාසිටියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT