Monday, April 21, 2025
Home » ලොව විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ පර්ය­න්තය ඩුබායි රාජ්‍ය­යේදී

ලොව විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ පර්ය­න්තය ඩුබායි රාජ්‍ය­යේදී

විය­දම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 35ක්

by Gayan Abeykoon
April 30, 2024 1:30 am 0 comment

එතෙක්  මෙතෙක් ලොව විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ පර්ය­න්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩුබායි නුව­රදී ඉදි­ක­රන බව එරට උප­ජ­නා­ධි­පති සහ ඩුබායි පරි­පා­ල­කයා වන ශේක්  මොහො­මඩ් බින් රෂීඩ් අල් මක්තුම් නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා  කළේය. පසු­ගි­යදා ගංව­තු­රට යට වූ ඩුබායි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ සිට දකුණු  දෙසින් ඉදි කිරී­මට අපේ­ක්ෂිත එම ගුවන් පර්ය­න්තය සඳහා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන  34.85ක් වැය වන බව ද වාර්තා වේ. ඒ සඳහා වන සැල­සුම මේ වන විට අනු­මත කර  ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට ලොව වඩාත්ම කාර්ය­බ­හුල ගුව­න්තො­ටු­පොළ ලෙස  සැල­කෙන ඩුබායි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ නව පර්ය­න්තය ඉදිකිරී­මෙන් පසු ලොව  විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ බවට පත්වනු ඇතැයි ද, එය ඩුබායි ගුව­න්තො­ටු­පො­ළට වඩා  පස්ගු­ණ­ය­කින් විශාල පර්ය­න්ත­යක් වනු ඇතැයි ද එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක්  තබ­මින් ඩුබායි පරි­පා­ලක ශේක් අල් මක්තුම් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි  වාර්තා වේ.

වාර්ෂි­කව ගුවන් මගීන් මිලි­යන 260කට වැඩි ප්‍රමා­ණ­ය­කට පහ­සු­කම්  සැල­සිය හැකි නව පර්ය­න්තය වර්ග කිලෝ­මී­ටර් 70ක වප­ස­රි­ය­කින් සහ ගුව­න්යානා ධාවන  පථ 5කින් සම­න්විත වනු ඇතැයි ද, ගුව­න්යානා ප්‍රවේශ දොරටු ( terminal gates)  400කින් සම­න්විත වනු ඇතැයි ද ශේක් අල් මක්තුම් වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර  තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT