Home » සේනක බටගොඩට එරෙහි ගීත වාරණය දීර්ඝ කෙරේ

සේනක බටගොඩට එරෙහි ගීත වාරණය දීර්ඝ කෙරේ

by yasara
April 30, 2024 2:44 pm 0 comment

කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7 ගායනා කිරිම වාරණය කරමින් නිකුත් කර තිබු වාරණ ආඥාව, එකී නඩුව අද දින කැදවීමෙන් අනතුරුව නැවතත් 2024/6/18 දින දක්වා දීර්ඝ කරනු ලැබීය

“අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය ගරු අධිකරණය විසින් වාරණය කරන ලද ගීත අතරට ඇතුලත් වෙයි.

එකී ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව සේනක බටගොඩ යන අයට එරෙහිව ගොනු කරමින් වාරණ ආඥාවක් ලබා ගනු ලැබීය

නැවත මෙම නඩුව 2024/6/18 දිනැතිව කැදවීමට ගරු වානිජ මහාධිකරණය නියෝග කර ති‌බෙයි

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT