Monday, April 21, 2025
Home » පාකිස්තානයේ සිට පැමිණි යාත්‍රාවේ කෝටි ගාණක මත්ද්‍රව්‍ය

පාකිස්තානයේ සිට පැමිණි යාත්‍රාවේ කෝටි ගාණක මත්ද්‍රව්‍ය

by chanaka
April 29, 2024 10:36 am 0 comment

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

“අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇතැයි සදහන් වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 600කට අධික බව ද වෙරළාරක්ෂක බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනාම බලුකිස්තානයේ පදිංචිකරුවන්ය. ඒ අනුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුජරාටයේ පොර්බන්ඩර් වෙත රැගෙන විත් තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාව වෙත ප්‍රවාහනය කරමින් තිබු බව ප්‍රථමයෙන් සැක පළ කළ ද පසුව ඒවා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි.

මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT