Home » අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරියට කර්මාන්ත උපදේශක සභාවලින් ඇගයීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරියට කර්මාන්ත උපදේශක සභාවලින් ඇගයීමක්

by sachintha
April 29, 2024 1:59 am 0 comment

වසර 35ක සේවය අගයා විශ්‍රාමලත් සමුපකාර සංවර්ධන නිලධාරිනී එස්. කේ. සිරිනායක මහත්මිය උපහාර ලබමින්…

මාතර දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාමලත් සමුපකාර සංවර්ධන නිලධාරිනියක වන එස්. කේ. සිරිනායක මහත්මියට උපහාර දැක්වීමේ උලෙළක් පසුගියදා බෙරලපනාතරදී සිදු කෙරිණි.

සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතිය සිය 53 වැනි ජන්ම දින සැමරුමට සමගාමීව පැවැති උත්සවයේදී මෙම සැමරුම් උලෙළ පැවැතිණි.

වසර 35කට අධික කාලයක් සමුපකාර සංවර්ධන නිලධාරිනියක ලෙස මාතර දිස්ත්‍රික්කයේ සියලු සමුපකාර සමිති සඳහා විශාල සේවාවක් සිදු කළ නිලධාරිනියක ලෙස ඇය අගය කිරීමට ලක්වූවාය.

සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ජයන්ත සේසිරි මහතා විසින් එම නිලධාරිනියට සමරු තිළිණය පිරිනමන ලද අතර, මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුන රණවක, දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි සරත් ද අල්විස්, IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අම්බර් |

අහාමඩ්, දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් කේ. පී. ජී. සුමිත් ශාන්ත, දකුණු පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති නිමල් වලාකුළුආරච්චි, දකුණු පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් ජයන්ත පී. ලියනගේ සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් ඩබ්. ජී. ශානිකා ඉරේෂාණි පෙරේරා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT