අම්පාර දිස්ත්‍රික්කයේ පෙරියනිලාවනේයි පොලිසිය මරදමුනේ ප්‍රදේශයේ කරන ලද සොදිසි මෙහෙයුමකදී අයිස් මිලිග්‍රෑම් 540ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 840ක් සමඟ ගණකාධිවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙම විශේෂ මෙහෙයුම සිදු කිරීමේදී මෙම ගණකාධිකාරිවරයාගේ නිවසේ තිබී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.
දැනට දින කිහිපයකට පමණ පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත පොලිසිය විසින් උපායදූතයකු යොදවා මෙම ගණකාධිවරයා ගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන තිබේ. පසුව පෙරියනිලාවනේයි පොලිස් ස්ථානයේ නිලධාරීන් ගොස් නිවස පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය හමුවී තිබේ.
දීර්ඝ කාලයක් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින සැකකරු වන ගණකාධිකාරීවරයා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව අප්‍රේල් 29 වැනිදා දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කල්මුණේ පොලිස් ස්ථානයේ රඳවා තිබේ. තවද, එම සැකකරු මීට පෙර කල්මුණේ මහ නගර සභාවේ හිටපු ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කර ඇති අතර දැනට අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කරන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දැනට රැඳවුම් භාරයේ සිටින ගණකාධිකාරී කමරුදීන් මුහම්මද් රියාස් නමැති 39 හැවිරිදි සැකකරු රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.