බඩල්කුඹුර නගරයේදී ඉකුත් 19 වැනිදා රාත්‍රී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පස්දරු පියෙකු පෙරේදා (25) මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බඩල්කුඹුර තලවත්ත පදිංචි 75 හැවිරිදි ආර්.එම්. පියදාස නැමැති අයෙකි.
හෙතෙම බඩල්කුඹුර නගරයේ පැරැණි පොලිස් ස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී එකවරම පාර මාරුවීමට යාමේදී බඩල්කුඹුර දෙසට යමින් සිටි යතුරුපැදියක ගැටී ඇත. සිද්ධියෙන් පසු ඔහු බඩල්කුඹුර රෝහලට ඇතුළත්කොට වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කිරීෙමන් අනතුරුව පෙරේදා (25) මෙලෙස මියගොස් තිබේ. යතුරුපැදිකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.