139
ගෝඩා බැරල් දෙක බැගින් ළඟ තබාගෙන සිටි බවට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (25) පස්වරුවේ එක් අයෙකුට රුපියල් හැත්තෑ දහස (70,000) බැගින් දෙදෙනාට රුපියල් එක්ලක්ෂ හතළිස්දහසක දඩ නියම කළේය.
සුරංග ප්‍රසාද් ප්‍රේමතිලක හා කේ.ඩී. මුණසිංහ යන දෙදෙනෙකුට එසේ දඩ නියම කෙරිණි.
මීරිගම පොලිසියේ පොලිස් පරීක්ෂක ඊ.ජී.ඇස්.පී. සුබසිංහ හා එහි පොලිස් සැරයන් නිශාන්ත රූපසිංහ (60567) යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවූහ. මීරිගම පොලිසියේ දූෂණ මර්දන අංශය වැටලීම් සිදු කොට නඩු පවරා තිබුණි.