Monday, April 21, 2025
Home » ගෝඩා බැරල් 2කට දෙදෙ­න­කුට 140,000ක් දඩ­

ගෝඩා බැරල් 2කට දෙදෙ­න­කුට 140,000ක් දඩ­

by damith
April 27, 2024 1:13 am 0 comment

වේය­න්ගොඩ විශේෂ

ගෝඩා බැරල් දෙක බැගින් ළඟ තබා­ගෙන සිටි බවට වරද පිළි­ගත් විත්ති­ක­රු­වන් දෙදෙ­නෙ­කුට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පෙරේදා (25) පස්ව­රුවේ එක් අයෙ­කුට රුපි­යල් හැත්තෑ දහස (70,000) බැගින් දෙදෙ­නාට රුපි­යල් එක්ලක්ෂ හත­ළි­ස්ද­හ­සක දඩ නියම කළේය.

සුරංග ප්‍රසාද් ප්‍රේම­ති­ලක හා කේ.ඩී. මුණ­සිංහ යන දෙදෙ­නෙ­කුට එසේ දඩ නියම කෙරිණි.

මීරි­ගම පොලි­සියේ පොලිස් පරී­ක්ෂක ඊ.ජී.ඇස්.පී. සුබ­සිංහ හා එහි පොලිස් සැර­යන් නිශාන්ත රූප­සිංහ (60567) යන මහ­ත්වරු පැමි­ණිල්ල මෙහෙ­ය­වූහ. මීරි­ගම පොලි­සියේ දූෂණ මර්දන අංශය වැට­ලීම් සිදු කොට නඩු පවරා තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT