Sunday, April 20, 2025
Home » එක්සත් ජන­පද කෘෂි­කර්ම උප ලේකම් ජන­පති හමු වෙයි

එක්සත් ජන­පද කෘෂි­කර්ම උප ලේකම් ජන­පති හමු වෙයි

by damith
April 27, 2024 1:13 am 0 comment

ශ්‍රී ලංකාවේ සංචා­ර­යක නිරත අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂි­කා­ර්මික කට­යුතු පිළි­බඳ උප ලේකම් ඇලෙ­ක්සිස් ටේලර් (Alexis Taylor) මහ­ත්මිය ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (26) පස්ව­රුවේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හමු විය.

අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පා­ද­නය නවී­ක­ර­ණය කිරීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මේ වැඩ­ස­ට­හන මඟින් රට පුරා දැනට ක්‍රියා­ත්මක කිරි නිෂ්පා­ද­නය ප්‍රච­ලිත කිරීමේ ව්‍යාපෘති තව­දු­ර­ටත් දිරි­මත් කරනු ඇති බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සඳ­හන් කළේය.

රජයේ කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හන පිළි­බ­ඳ­වද ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙහිදී ඇලෙ­ක්සිස් ටේලර් මහ­ත්මිය දැනු­වත් කළ අතර, මෙරට කෘෂි­කර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පුර­පුර ආක­ර්ෂ­ණය කර­ගැ­නීම එහි ප්‍රමුඛ අර­මු­ණක් බවද පැව­සීය. ශ්‍රී ලංකාවේ කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හන වෙනු­වෙන් සිය පූර්ණ සහාය දෙන බවට උප ලේක­ම්ව­රිය ඇතුළු එක්සත් ජන­පද නියෝ­ජිත පිරිස මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාට සහ­තික වූහ.

ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක, ජාත්‍ය­න්තර කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති අධ්‍යක්ෂ දිනුක් කොළ­ඹගේ මහ­ත්ව­රුද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT