ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මේ වැඩසටහන මඟින් රට පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඇලෙක්සිස් ටේලර් මහත්මිය දැනුවත් කළ අතර, මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පුරපුර ආකර්ෂණය කරගැනීම එහි ප්‍රමුඛ අරමුණක් බවද පැවසීය. ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය දෙන බවට උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයාට සහතික වූහ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.