ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් කර ඇති නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ඊයේ (26) දෙවැනි වරටත් කල් තබන ලදි.
ඒ නියෝගය ලබන 30 දා ප්‍රකාශ කිරීමට තීරණය කෙරිණි. අදාළ නියෝගය ඉකුත් අප්‍රේල් 9 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත් එදින අදාළ නියෝගය ප්‍රකාශයට පත් නොකළ අතර, අප්‍රේල් 26 දා එය ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය මීට පෙර තීරණය කළේය. මේ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා හමුවේ ඊයේ (26) කැඳවනු ලැබීය.
ප්‍රමිතියෙන් තොර එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන නියෝගයද අප්‍රේල් මස 30 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.