වවුනියාව මහාධිකරණ විනිසුරුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රධාන සාක්ෂිය දීම පිණිස වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා දැඩි ආරක්ෂාව යටතේ 25 දා යාපනය මහාධිකරණය වෙත පැමිණියේය.
මානික්කවාසගම් විනිසුරුවරයාට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේද ආරක්ෂාව සලසා දී තිබිණි. නඩු විභාගයට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා පැමිණීමට පෙර සිටම යුද හමුදා නිලධාරීන්ද අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ ආරක්ෂාවක් සලසා තිබිණි.
2017.07.22 දින එවකට යාපනයේ මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා අධිකරණ කටයුතු හමාර වී සිය මෝටර් රථයෙන් පොලිස් ආරක්ෂාව මැද නිල නිවෙස වෙත යමින් සිටියදී පිස්තෝලයක් රැගෙන පැමිණි පුද්ගලයකු විනිසුරුවරයාට වෙඩි තැබීමට තැත් කළ විට විනිසුරුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා වෙඩි ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේ එම සැරයන්වරයා වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය.
හලාවත ප්‍රදේශයේ පදිංචි හේමචන්ද්‍ර නැමති එම පොලිස් සරයන්වරයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාව පිස්තෝලය සමග පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඒ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා දැනට වවුනියාව මහාධිකාරණ විනිසුරු ලෙස කටයුතු කරණ මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා පැමිණ සිටියේය.
මෙහිදී සාක්ෂි දෙමින් මහාධිකරණ විනිසුරුවරයා වෙඩි තැබීම සිදු වූ ආකාරය පැයක පමණ කාලයක් විස්තර කළේය. මේ නඩුව යාපනය මහාධිකරණයේදී තව දුරටත් විභාග වෙමින් පවතී.
විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරින් මියගිය සැරයන් හේමචන්ද්‍ර මහතාගේ පවුලේ සියලු කටයුතු මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා විසින් භාර ගෙන ඔවුන්ට නව නිවෙසක්ද ඉදි කොට දී දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවද නිරන්තරයෙන්ම සොයා බැලීම විශේෂ සිද්ධියකි.