සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමතක නොවන සුන්දර අත්දැකීමක් විඳගැනීමට කැමැති සියලු දෙනා වෙනුවෙන් විශේෂ වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වා දීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ.
රමණීය නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති Sun Siyam Pasikudah හෝටලය මෑතකදී තරු පහේ බුටික් හෝටලයක් ලෙස නවීකරණයට ලක්කෙරුණු අතර, මෙවර සිංහල දෙමළ අවුරුදු සමයේදී විශේෂ වට්ටමක් යටතේ half-board යුවළ කාමරයක් රුපියල් 36,900 සිට ඉහළට පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව නොමිලයේ කාමර upgrade කිරීම, කාමරවලට පිවිසීමේ කාලයට (check-ins සහ check-outs) අදාළ නම්‍යශීලිත්වය ආදී තවත් පහසුකම් රැසක් ද හඳුන්වා දී තිබේ. සංචාරක ඔබට පාසිකුඩා වෙරළ තීරයේ සුඛෝපභෝගීත්වය සහ විචිත්රත්වය මුසුවුණු අසමසම විවේකී අත්දැකීමක් ලබා ගැනීම වෙනුවෙන් මෙම වට්ටම සහ පහසුකම් අප්‍රේල් මාසය පුරාම විවෘතව පවතියි.
දර්ශනීය වෙරළ තීරයකට මෙන්ම සාරවත් සංස්කෘතික උරුමයකට හිමිකම් කියන පාසිකුඩා ප්‍රදේශය යනු ස්වාභාවික සුන්දරත්වයේ සහ තාත්වික අත්දැකීම් සමුදායක එකමුතුවක් පිරිනමන සංචාරක පාරාදීසයකි. එනිසාම සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, ප්‍රණීත ආහාර අත්දැකීම්, සම්බාහන ප්‍රතිකාර මෙන්ම විවිධ ත්‍රාසජනක සංචාර රැසක් ඇතුළත් අමතක නොවන අත්දැකීමක් Sun Siyam Pasikudah පිරිනමයි. තව ද ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරකත්වයේ උණුසුමෙන් ද පොහොසත් සුවිශේෂී විවේකී කාලයක් එහිදී අත්විඳීමට හැකිවනු නිසැක ය.
ඒකවර්ණ සහ රන්වන් පැහැය මුසුවුණු අභ්‍යන්තර වර්ණ අලංකරණයෙන් යුත් Sun Siyam Pasikudah සතුව ඉඩකඩ සහිත නවීන නිදන කාමර එකකින් සහ දෙකකින් යුත් garden හා beach pavilion 34ක් පවතී.
ක්ෂිතිජයට මුහුණලා පිහිටි infinity පිහිනුම් තටාකය, සුවතා ප්‍රතිකාර, සංස්කෘතික ක්‍රියාකාරකම් ඇතුළු බොහෝ දෑ එකවර අත්විඳීමේ අවස්ථාව ඔබට සමීප කිරීමට Sun Siyam Pasikudah සැරසී සිටියි. විශේෂයෙන්ම පාසිකුඩාහි සුන්දර වෙරළ තීරයට අතිරේකව දේශීය කලා නිර්මාණ දැකබලා ගැනීමටත්, තරු පිරුණු අහස යට හිඳිමින් වෙරළ තීරයේ පෞද්ගලික රාත්‍රී භෝජනයක මිහිර විඳගැනීමටත් Sun Siyam Pasikudah කදිම නවාතැනකි.