Home » කරන්දෙණිය වැඩිහිටියෝ අවුරුදු සමරති

කරන්දෙණිය වැඩිහිටියෝ අවුරුදු සමරති

by sachintha
April 26, 2024 1:48 am 0 comment

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සමිති සාමාජිකයන් වෙනුවෙන් මඩකුඹුර වැඩිහිටි සමිතිය මඟින් සංවිධානය කරන ලද වැඩිහිටි බක්මහ උලෙළ පසුගියදා මඩකුඹුර වැඩිහිටි සමිති ශාලා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණ.

එහිදී වැඩිහිටි ප්‍රජාව පොඩි දරුවන් මෙන් මහත් සතුටින් කා බී විනෝද වෙමින් තරගවලට සහභාගි වූ අතර, එය නැරඹීමට පැමිණි පිරිසටද මෙය නැවුම් අත්දැකීමක් විය. කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් රුවිනි චන්දිමා මහත්මියගේ උපදෙස් මත පැවැත්වූ මෙම උලෙළට කරන්දෙණිය සමාජ සේවා අංශයේ නිලධාරී මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT