192
දිවයිනේ කිලෝමීටර් 1500ක කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාතලේ පලාපත්වල, වාවන්නා වත්ත මාර්ගය කාපට් කර ජනතා අයිතියට පත් කිරීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.
මෙම මාර්ගය කලක සිට ඉතා අබලන් තත්ත්වයේ පැවැති අතර මෙම මාර්ගය නවීකරණය කිරීම තුළින් කෘෂි භෝග නගරයට ගෙන ඒමේදී පැවති ගැටලුව මෙන්ම මහජනතාවගේ ගමනාගමන කටයුතු පහසු වන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
මාතලේ මධ්‍යම සමූහ