172
වාරියපොළ බන්ධනාගාරය හා බන්ධනාගාරයට අනුබද්ධ ආයතනවල සේවය කරන නිලධාරීන්ගේ ස්වස්ථතාව ඉහළ නැංවීම වෙනුවෙන් බක් පුර පසළොස්වක පොහෝ දින බෝ නොවන රෝග මර්දන සායන වැඩසටහනක් පවත්වන ලදි. වාරියපොළ ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු එම රෝහලේ බෝ නොවන රෝග සායන ඒකකයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.
එහිදී රුධිරයේ සීනි පරීක්ෂාව, වකුගඩු පරීක්ෂාව, ශරීර ස්කන්ධ දර්ශක පරීක්ෂාව, දෘෂ්ටි පරීක්ෂාව සහ සමබල ආහාර පරිභෝජනයේ වැදගත්කම පිළිබඳ වැඩසටහන පැවැත්විණි.
මෙම සායන වැඩසටහන සඳහා වාරියපොළ බන්ධනාගාරය හා අනුබද්ධ ආයතනවල සේවය කරන සේවක සේවිකාවෝ 100කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ.
කුරුණෑගල කුමාරි දිසානායක