වත්තල සාන්ත අන්තෝනි සහ වෙන්නපුව ජෝසප් වාස් යන දෙවිදුහල් අතර සමාරම්භක වාර්ෂික අන්තර් පාසල් ක්‍රිකට් තරගය මේ මස 26 සහ 27 දෙදින කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
‘රන්මුසු නීලයන්ගේ සටන’ ලෙසින් නම් කර ඇති මේ තරගයේදී ජුසේ වාස් අනුස්මරණ ශූරතා කුසලානය වෙනුවෙන් දෙවිදුහල් තරග වැදීමට නියමිතය.
සාන්ත අන්තෝනි පිල රවිඳු ජයසංඛගේ නායකත්වයෙන් ද ජෝසප් වාස් පිල විශ්ව රාජපක්ෂගේ නායකත්වයෙන් ද තරග බිමට පිවිසෙයි.
වත්තල සාන්ත අන්තෝනි විදුහල් ජගත් ක්‍රිකට් පිටියට ක්‍රීඩකයන් කිහිපදෙනකු දායාද කර ඇති අතර, ඒ අතරට සිල්වෙස්ටර් ඩයස් (1962), චමින්ද වාස් (1994), මංජුල මුණසිංහ (1994) සහ තිසර පෙරේරා (2009) එක් වෙති. එමෙන්ම කමල් රූපසිංහ සැම්බියා ජාතික පිල නියෝජනය කර ඇති අතර, සාමාල් උඩවත්ත වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම නියෝජනය කරයි.
වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල් ඉතිහාසය පිරික්සීමේදී මිනෝද් භානුක, ෂෙහාන් මධුසංක ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත. එහිදී නිපුන් ධනංජය ජාතික පාසල් අවුරුදු 15න් පහළ, 19න් පහළ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් තුනෙහිම නායකත්වය දරා තිබීම ශේෂත්වයකි.
වත්තල සාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම: රවිඳු ජයසංඛ (නායක), අමිත සන්දීප (උපනායක), ආකාශ් තේජක, චමෝද් සංදීප, දිනිත් චාමික, කවිඳු සේනාධි, මධුර භාෂිත, චේතින් දිල්සරු, රිද්ම භාෂික, ෂෙහාර දෙව්තිලිණ, ෂැනෙල් තිමන, තෙරික ආකාශ්, සසිඳු අවිශ්ක, විහඟ රශ්මිත, විශ්මිත නිරෝධ, හිවින් සොනත්, තරුෂ ප්‍රනීත්, සෙවින් ඉදුවර.
වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල් කණ්ඩායම: විශ්ව රාජපක්ෂ (නායක), ජනිත් ප්‍රනාන්දු (උපනායක), හේෂාන් කාවින්ද, අමල් පෙරේරා, හංස මිහිරංග, ඩොමිනික් සාවියෝ, විදස් තන්නුල, ඩේමියන් ප්‍රශංසන, ඉසුරු ජයසේකර, හිමල් රවීහංස, දසුන් පෙරේරා, රවිදු තුෂාර, රවීන් සාවියෝ, තරිඳු එෂාන්, සුහද ප්‍රනාන්දු, කවිඳු ප්‍රේමරත්න, රමේෂ් මතීෂ.