නුගවෙල මධ්‍ය විදුහල සහ වලල ඒ. රත්නායක විදුහල අතර පැවත්වෙන රන් නිල් මහ ක්‍රිකට් තරගය හෙට (26) සහ අනිද්දා (27) දෙදින අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වේ.
19 වැනි වරටත් පැවත්වෙන මේ මහ ක්‍රිකට් තරගයෙන් පස්වතාවක් නුගවෙල මධ්‍ය මහා විදුහල ජයගෙන ඇති අතර, සිව්වරක් වලල ඒ. රත්නායක විදුහල ජයගෙන තිබේ. ඉතිරි තරග දහය ජය පරාජයෙන් තොරව අවසන් ව ඇත.
මෙවර තරගයේදී නුගවෙල මධ්‍ය විදුහල් කණ්ඩායමේ නායකත්වය රුමේෂ් වීරසිංහටත් වලල ඒ. රත්නායක විදුහල් කණ්ඩායමේ නායකත්වය විරාජ් කුලගුතංගටත් හිමිව තිබේ.

නුගවෙල මධ්‍ය විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) – දුමින්ද ඒකනායක (උපනායක), ජාලිය විලත්ගමුව (පුහුණුකරු), මහේෂ් නිලංක (ක්‍රීඩා භාර ආචාර්ය අතිරේක), එම්.එච්.එල්. කුමාරිහාමි (සහකාර විදුහල්පති), එම්.එච්. රාජගුරු (විදුහල්පති), කේ.ඩී.එස්. සඳරුවන් (නියෝජ්‍ය විදුහල්පති), නිමාලි එගොඩගේ (ක්‍රීඩා භාර ආචාර්ය), සුවන්න අබේකෝන් (ක්‍රිකට් භාර ආචාර්ය), රුමේෂ් වීරසිංහ (නායක), මැද පෙළ – පසිඳු වටගොඩ, සදීප කෞෂාල්, මංජුල පොල්කොටුව, ජනිඳු ෂෙහාර, තිනුර බණ්ඩාර, උදිත ගුරුසිංහ, ලක්ෂාන්ත පෙරේරා, විහදු උපතිස්ස, කලන රණසිංහ, හර්ෂණ විජේකෝන්, තනුජිත ඉලංකෝන්, නිලුපුල් හපුගොඩ, පසු පෙළ – තේමිය හේරත්, වගීෂ සමරනායක, සේනාරත්න සංසිත, කවීෂ කුමාරසිරි, නිමේෂ ජලන, ඩිල්ෂාන් වෙදගෙදර, අවන්ත ප්‍රේමරත්න, ලක්ෂාන් සේනාරත්න.