දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 31 වන ගුණසමරුවට සමගාමීව කොළඹ තර්ස්ටන් වටරවුමේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ඉකුත් 23 වැනි පෝදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම පින්කම දෙහිවල සහ රත්මලාන සංවර්ධන පදනම සහ ලලිත් ඇතුලත්මුදලි සමරු පදනම් කේන්ද්‍රය ඒකාබද්ධව සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසරලාල් ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි එහි සාමාජිකයින් විසින් සංවිධාන කරනු ලැබ තිබිණි.
මෙම අවස්ථාවට ඇමැතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් ශ්‍යාමිලා පෙරේරා, සාමාජික නන්දන කුමාරපේලි, චානක ද සිල්වා, ශලීල මුණසිංහ, ජනාධිපති නීතිඥ රසික් සරුක්, හර්ෂ අබේවර්ධන, කරුණාරත්න විතානගේ යන මහතුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.