ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය සාමාජිකයින්ට සහ විශ්‍රාමිකයින්ට වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා දිවයිනේ පුද්ගලික රෝහල් 33ක් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම යුද හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.
අවබෝධතා ගිවිසුම අනුව දැනට සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් මෙම පුද්ගලික රෝහල්වලින් සහනදායි අය කිරීම් යටතේ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට හැකිවේ.
එහිදී ගාල්ල සමුපකාර රෝහලේ සභාපති චාල්ස් ගමගේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සුබසාධන අංශයේ අධ්‍යක්ෂ මේජර් ෙජනරාල් ඩබ්ලිව්.එම්.එස්.පී.කේ. වණසිංහ මහතා සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.