පාදුක්ක නගර මධ්‍යයේ මීට වසර 30 කට පමණ ඉහතදී, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද හෝරා ස්ථම්භය, මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ප්‍රදර්ශන පුවරුවක් බවට පත්ව ඇතැයි ජනතාව පවසති.
එවකට දිවයින පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව, පාදුක්ක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකර එය විවෘත කිරීමේ සිහිවටනයක් ලෙස මෙම හෝරා ස්ථම්භය පාදුක්ක නගරයේ ඉදිකර ඇත.
පසුකාලීන විටින් විට අක්‍රිය වෙමින් පැවති හෝරා ස්ථම්භය, ඒ හා සමානම නඩත්තු කරනු ලැබුවද, මීට මාස 02 කට පමණ ඉහතදී හෝරා ස්ථම්භයේ මුහුණත් හතරේ වේලාවන් හතරක් ප්‍රදර්ශනය වෙමින් පැවති අතර, පසුව ක්‍රමයෙන් වේලා සටහන් අක්‍රිය වීමත් සමඟම, මේ වන විට හෝරා ස්ථම්භය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමු කර, ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් ප්‍රයෝජනවත් වන මෙම හෝරා ස්ථම්භය යථා තත්ත්වයට පත් කර දෙන මෙන් ඔවුහු වගකීම යුතු අංශවලින් ඉල්ලා සිටිති.