264
චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු උප අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් සමගි ජනබලවේගයේ බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතාගේ බියගම පිහිටි පක්ෂ කාර්යාලයේදී පසුගිය 23 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් සහන් කිරින්දගේ මහතාගේ මගපෙන්වීම මත මෙම සාකච්ඡාව පැවැත්වීමට අවස්ථාව සැලසී ඇති අතර එහිදී පක්ෂයේ අනාගත වැඩපිළිවෙළ සහ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව බියගම ආසන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.