226
අම්පාර ප්‍රදේශයේ තිබූ සියලු සිනමාශාලා වැසීයාම නිසා අම්පාර සිනමා රසිකයන් අපහසුතාවට පත්ව ඇත. විශේෂයෙන්ම පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය කරන උසස් රසවින්දන අවස්ථා අහිමි වීම නිසා ඔවුන්ට රසවින්දනාත්මක ගැටලු ඇතිව තිබේ. මේ තත්ත්වය අම්පාර පමණක් නොව මුළු දිවයිනටම පොදු තත්ත්වයකි. ඒ නිසා රට නැවතත් යථා තත්ත්වයට පත්වීමත් සමඟ සිනමාහල් විවෘත කිරීමට අවශ්‍ය අනුග්‍රහය ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.
සමන්මලී ලියනගේ – නවගම්පුර, අම්පාර